දුම්රිය අනතුරින් මියගිය චීන තරුණියගේ දේහය මව්පියන් භාරගනී (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 13, 2016

දුම්රිය අනතුරින් මියගිය චීන තරුණියගේ දේහය මව්පියන් භාරගනී (VIDEO)

දුම්රිය අනතුරින් මියගිය චීන තරුණියගේ දේහය මව්පියන් භාරගනී (VIDEO)

පසුගියදා අම්බලන්ගොඩ, මාදම්පාගම දුම්රිය ස්ථානය අසලදී දුම්රියෙන් වැටී මියගිය චීන ජාතික තරුණියගේ මෘතදේහය භාරගැනීමට ඇයගේ දෙමාපියන් අද (13) බලපිටිය රෝහලට පැමිණ සිටියේය.

මියගිය 25 හැවිරිදි චීන ජාතික තරුණියගේ දේහය පිළිබද අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

පසුගිය 09 වැනිදා සිදුවූ මෙම අනතුර පිළිබදව බලපිටිය අධිකරණය පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට නියෝග කර තිබුණි.

ඒ අනුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඇය දුම්රිය පාපුවරුවේ අපරීක්ෂාකාරි ලෙස ගමන් කිරීමෙන් මෙම අනතුරට ලක්ව ඇති බවයි. 

ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගමන් කරමින් සිටි ඇය ඉන් ඇද වැටී ඊට යටවීමෙන් ජීවිතක්ෂයට පත්විය.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad