ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් ගැන ඇමති රවීගෙන් CIDයට පැමිණිල්ලක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 13, 2016

ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් ගැන ඇමති රවීගෙන් CIDයට පැමිණිල්ලක් 

ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් ගැන ඇමති රවීගෙන් CIDයට පැමිණිල්ලක් 

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් සහ ට්විටර් ගිණුමක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

තමාගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් සහ ට්විටර් ගිණුමක් පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්මේනතුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසට රවී කරුණානායක අමාත්‍යවරයා විසින් අමාත්‍යංශ නිළධාරීන්ට උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.

Ravi Karunanayake Lanka Intelligence සහ Ravi Karunanayake@RavikOfficial යන නම්වලින් තමාගේ නිල ෆේස්බුක් හා ටිව්ටර් ගිණුම් ලෙස මේවා පවත්වාගෙන ගොස් ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මෙම සමාජජාල ගිණුම් සමග තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පවසන අමාත්‍යවරයා ඒවායෙහි වත්මන් ජාතික ආණ්ඩුවට හා ශ්‍රී ලංකා සමාජයේ සංහිඳියාවට අහිතකර පුවත් පළ කර ඇති බවද පෙන්වා දෙයි.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කිරීමට උපදෙස් ලබාදුන් බවත් දැනටමත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත මෙය දැනුම්දීමට කටයුතු කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.   

No comments:

Post a Comment

Post Bottom Ad