ලන්ඩනයේදී උණ හැදුණ අදීල් ගැන තොරතුරු නැතිව බලද්දී මළ සිරුර කාමරයන් හමුවෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 13, 2016

ලන්ඩනයේදී උණ හැදුණ අදීල් ගැන තොරතුරු නැතිව බලද්දී මළ සිරුර කාමරයන් හමුවෙලා


ලන්ඩනයේදී උණ හැදුණ අදීල් ගැන
තොරතුරු නැතිව බලද්දී මළ සිරුර
කාමරයන් හමුවෙලා


හිටපු ඇමති ඉමිරියාස් බාකීර් මාකාර් මහතාගේ පුත්‍රයා වන අදීල් බාකීර් මාකාර් එංගලන්තයේ ලන්ඩන් නුවරදී හදිසියේ අභාවප්‍රාප්තවීමේ සංවේගී පුවත ඊයේ සිට බොහෝ අයගේ කම්පාවට හේතුවී තිබේ.
ඉමිටියාස් මහතා ඉගෙන ගත්තේ කොළඹ ආනන්දයේය. අදිල් ඉගෙනුම ලැබුවේ රාජකීය විද්‍යාලයේය.උපතින් මුස්ලිම් ජාතිකයෙකු වුවද සිංහල බෞද්ධ පරිසරය තුළ හැදී වැඩී ඇති ඔහු පොළවේ පය ගසා ජීවත්වූ මනුස්සයෙකු ලෙස කා අතරත් ජනප්‍රියව සිටි අයෙකි.සිය පියාගේ අඩිපාරේ යමින්
සමාජ සේවයේ නිරතවූ අදීල් වෘත්තියෙන් නීතිඥයෙකු වූ අතර පසුගිය කාලයේ තරුණ සේවා සභාවට සම්බන්ධවී කටයුතු කළේය.
ඔහුගේ මරණය තවමත් මිතුරන්ට අදහාගන්නට අපහසුය.

හදිසි අසනීප තත්වයක් මතුවූ බව කියමින් ඔහු ගෙදරට පණිවිඩ එවීමෙන් පසු ඔහු ගැන විස්තරයක් සොයාගන්නට බැරිව තිබුනි.
උණ තත්වයක් හේතුවෙන් ලන්ඩනයේ සිය නිවසටම වී ඔහු සිට ඇති අතර පෙරේදා සිට ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති වීම නිසා පවුලේ ඥාතීන් කළ සොයා බැලීමකදී ඔහු සිය කාමරයේම මියගොස් ඇති බව සොයාගෙන තිබුනි.
එක්සත් රාජධානියේ මරන පරීක්ෂකයින් ඔහු ගැන පශ්චාත් මරණ පරීක්ෂාවක් අද සිදු කරන බවද වාර්තා වුණා.
ඔහු ගැන සමාජ ජාල මාධ්‍ය වල හිතමිතුරන් තැබූ සටහන් කිහිපයක් පහතින්




No comments:

Post a Comment

Post Bottom Ad