එට්කා අත්සන් කළාම ඉන්දියාවෙ අය මෙහෙ රස්සාවලට එන කතාව කෙප්පයක් - ආර්ථික රාජ්‍ය ඇමති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 13, 2016

එට්කා අත්සන් කළාම ඉන්දියාවෙ අය මෙහෙ රස්සාවලට එන කතාව කෙප්පයක් - ආර්ථික රාජ්‍ය ඇමති


ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත එට්කා හෙවත් ‘ඉන්දු-ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම’ හරහා ඉන්දියානු වෘත්තිකයන්ට මෙරට රැකියා වෙළඳපොළ තුලට ස්වාධීනව මැදිහත්වීමට ඉඩ ලබාදීමක් සිදු නොවන බවත්

එවැන්නකින් මෙරට වෘත්තිකයන්ට බලපෑමක් සිදු නොවන බවත්  ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසයි.
එට්කා ගිවිසුම අත්සන් කිරීමට යෝජනාවලිය කැබිනට් අනුමැතියට පාර්ලිමේන්තුවට


යොමුවන බවත් සිවිල් සංවිධාන සහ වාණිජ මණ්ඩල වල එකගතාවයද බලන බවත් ඔහු දන්වයි.
වෙන්නප්පුවේ පැවති රැස්වීමකදී ඔහු මෙසේ කියා ඇත.
‘ලෝකයේ කිසිදු රාජ්‍යයකට හුදෙකලාව දියුණු විය නොහැකියි. දියුණුව ළඟා කර ගැනීමට නම් විවිධ රාජ්‍යයන් සමඟ වෙළෙඳ කටයුතු ආරම්භ කළ යුතයි. වේගවත් ආර්ථික වර්ධනයක් ලබා ගත හැක්කේ මෙවැනි මාර්ග වලින් පමණයි.
කණගාටුවට කරුණ අපේ රටේ සමහර උගතුන් පවා මේ ගැන දැන දැනත් ජනතාව තුල වැරදි මතයක් ඇති කිරීමයි.‘
( චාමර සම්පත් - ada.lk)

No comments:

Post a Comment

Post Bottom Ad