අද වන විට වැද්දන්ට කැලේ අතුලට යාම තහනම් කර ඇති බව ආදී වාසි නායක ඌරැවරිගේ වන්නිල ඇත්තෝ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ තම පරපුර පාරම්පරික සම්ප‍්‍රදායන් අනුව ජීවත්වීමේ නිදහස නැති වීම නිසා නවීකරණය හමුවේ අසරණ වී වදවී යෑමට ඉඩ නොදී රැකගැනීමට මහත් අරගලයක් කිරීමට සිදුව ඇති බවය.
‘වැද්දා කියන්නේ දඩයක්කාරයා හා රැස්කරන්නා කියන තේරැමයි. අද වන විට ලෝකයේ සියළු රටවල්වලම ඒවායේ ආදිවාසීන්ට දඩයම් කරමින් කැලය තුළ ජීවත්වීමේ අයිතිය තිබෙනවා. අපටත් හැට වසරකට පෙර ඒ නිදහස තිබුණා. නමුත් අද වන විට අපට වනයේ ජීවත්වීමට තබා ලී කෝටුවක් කපා ගැනීමටවත් වනයට ඇතුළුවීමට තහනම්.
අද අපේ වරිගයා ජීවත් වීම සදහා සංචාරකයන්ට නැටුම් පෙන්වා කීයක් හරි හොයාගන්නවා. තව කොටසක් ගඩාගෙඩි හා වන ඔසු විකුණනවා. අද අපි සංචාරකයන්ගේ ප‍්‍රදර්ශන භාණ්ඩ බවට පත්වෙලා. අපට හේන් ගොවිතැනට උවමනා පහසුකම් පවා නැහැ’
Wednesday, October 12, 2016
වැද්දන්ට කැලේට ඇතුළුවීම තහනම් කරලා.. – වැදි නායකයා කියයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment