'පොලීසියට නොගැලපෙන නිලධාරීන් ඉවත් කළ යුතුයි' - පොලිස්පති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 10, 2016

'පොලීසියට නොගැලපෙන නිලධාරීන් ඉවත් කළ යුතුයි' - පොලිස්පති

'පොලීසියට නොගැලපෙන නිලධාරීන් ඉවත් කළ යුතුයි' - පොලිස්පති

පොලීසියට නොගැලපෙන නිලධාරීන් ඉන් ඉවත් කළ යුතු බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ වෙලම්බොඩ පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් පොලිස්පතිවරයා කියාසිටියේ, "පොලිස් ස්ථාන වැඩි කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ජනතාවට සමීප සේවාවක් සැපයීම. අවශ්‍යය වෙන්නේ මේ කටයුත්තේදී විශ්වාසය තහවුරු කරගන්න. සරල වෙන්න. මිනිස්සුන්ට ආදරය කරන්න. සරලව කතාබහ කරන්න. වක්‍රව යන්න එපා වැඩකටයුතු කරන්න. නම්‍යශීලී වෙන්න. අවසාන දේ මං ඉල්ලා හිටින්නේ විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන්න" ලෙසයි.

පොලිස් නිළධාරීන් ලෙස තමා ඇතුළු පිරිසට ඇත්තේ පොලිස් න්‍යාය පත්‍රය බව ද මෙහිදී පොලිස්පතිවරයා අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පතිවරයා සඳහන් කළේ තම සේවය නිවැරදිව ඉටු කිරීමට සෑම පොලිස් නිලධාරියෙකුම බැදී සිටින බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad