ලොව වැඩිම කලක් කිරුළ දැරූ තායිලන්තයේ භූමිපොල් රජු මිය යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 13, 2016

ලොව වැඩිම කලක් කිරුළ දැරූ තායිලන්තයේ භූමිපොල් රජු මිය යයි

ලෝකයේ වැඩිම කාලයක් එනම් අවුරුදු 70 ක් සිහසුන දැරූ රාජ්‍ය පාලකයා වන තායිලන්තයේ භුමිපාල් රජු


අද අභාවප්‍රාප්ත වුණා.වයස 18දී තායිලන්ත රජ පදවියට පත් ඔහු මියගියේ වයස 88 දී.
දේශපාලන අධිකාරියට ඉහලින් පෙනී සිටි පීතෘවරයෙකු බඳු චරිතයක් හිමිව සිටි ඔහු දේශපාලන කැළඹීම්
සහිත අවස්ථාවන් වල දී ඒවාට මැදිහත්වී කටයුතු කරනු ලැබූ අයකු වන අතර රටේ පාලනයට සෘජුව සම්බන්ධ නොවන සීමිත බලයක් ඔහුට තිබුණද තායිලන්ත ජාතිකයින් ඔහුට
දක්වනු ලැබුවේ අසීමිත ගෞරවයකි.
1935 දී භුමිපාල් කුමරු ගේ මාමා වූ ප්‍රජාධිපොක් රජුලේ පාලනයෙන් පසු  භුමිපාල් කුමරුගේ සහෝදරයෙකු වූ නව හැවිරිදි ආනන්ද කුමරුට සිහිසුන හිමිව තිබුණත්1946 දී
බැංකොක් මාලිගයේ සිදුවූ වෙඩි තැබීමකින් ආනන්ද රජු මිය ගිය පසුව වයස අවුරුදු 18 ක් වූ භුමිපාල් කුමරු සිහසුනට පත්ව තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad