එජාප මන්ත‍්‍රීට හොල්මන් බංගලාවේදී හොල්මනක් ගහයි.. බිම ඇද වැටී තුවාලත් ලබයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 12, 2016

එජාප මන්ත‍්‍රීට හොල්මන් බංගලාවේදී හොල්මනක් ගහයි.. බිම ඇද වැටී තුවාලත් ලබයි..

එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා අද්භූත සිදුවීමකින් බිම වැටී මුහුණ තුවාල වී ඇති බව වාර්තා වෙයි.

මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතාගෙන් කරන ලද විමසීමකදී ඒ මහතා කියා සිටියේ තමන් පසුගිය සිකුරාදා (7දා) අලුයම 3ට පමණ අද්භූත සිදුවීමකට මුහුණ පෑ බවයි.

නලින් බණ්ඩාර මහතා මේ අද්භූත සිදුවීමට මුහුණ පා තිබෙන්නේ නුවරඑළියේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නිල නිවාසයේදීය. නුවරඑළියේ ‘Genaral House’ වශයෙන් මේ මන්ත්‍රි නිල නිවාසය හැඳින්වේ.

‘සිකුරාදා අලුයම 3ට පමණ මං හිටපු කාමරේ නාන කාමරයට ගියා. එතැනදී කාමරේ එකපාරටම පිටිපස්සෙන් මාව තල්ලු කළා. මං බිම වැටුණා. මගේ මුහුණ තුවාල වුණා. කාමරය ලොක් කරලා තිබුණු නිසා කාටවත්ම එන්න විදියක් නැහැ. ඒ සිද්ධියෙන් පසුව හැම තැනම බැලුවත් කවුරුත්ම දැක්කේ නැහැ. 


මේක හිතාගන්න බැරි අද්භූත සිදුවීමක්. මේ ‘Genaral House කියන්නේ මවුන්ට් බැටන් සාමිවරයා හිටපු නිවෙස. 1905 දී මේ නිවෙස හදලා තියෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රි නිවාඩු නිකේතනය බවට පත් කරලා තියෙන්නේ 80 දශකයේදී. මේ සිද්ධියෙන් පසුව මං කරපු සොයා බැලීම්වලදී දැනගන්න ලැබුණා ඇතැම් අවස්ථාවලදී සමහරුන් මෙහිදී අද්භූත සිද්ධිවලට මුහුණ දුන්නා කියලා. 

හුඟක් ඉස්සර මේ නිවෙස්නයේදී සුදු ජාතික කාන්තාවක් ගෙල වැලලාගත් බවට හෝ මරා දමා තිබෙන බවටත් යම් යම් ඉතිහාස ගත කතා තිබෙනවා කියලත් ආරංචියි. අවතාරයක් හෝ යම් කිසි අද්භූත බලවේගයක් විසින් මාව තල්ලු කරලා වැට්ටුවා කියලා සියයට සියයක්ම මට විශ්වාසයි. 

ඉතා වගකීමෙන් තමයි මං මේ කියන්නේ. මාත් අවතාර විශ්වාස කළේ නැහැ. ඒත් මං මුහුණ දුන් අද්භූත සිද්ධිය හිතාගන්න බැහැ’යි එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා පැවැසීය.

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු
– මව්බිම

No comments:

Post a Comment

Post Bottom Ad