බදුල්ල කුණු කන්ද ගිනි ගනී - නගරය පුරා විසදුම පැතිරයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 10, 2016

බදුල්ල කුණු කන්ද ගිනි ගනී - නගරය පුරා විසදුම පැතිරයයි

බදුල්ල කුණු කන්ද ගිනි ගනී - නගරය පුරා විසදුම පැතිරයයි

බදුල්ල නගරයේ වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය අසල ගොඩගසා ඇති නගර සභාවේ කුණු කන්ද දින 02ක් පුරා ගිනිගනිමින් පවතින බවත් ගින්නෙන් පැතිර යන මීතේන් මිශ්‍ර විස දුම නගරය පුරා පැතිර යාම හේතුවෙන් අවට පාසල් කිහිපයක සිසුහු පාසල්වලින් ඉවත් කළ බවත් බදුල්ල පොලිසිය පවසයි.

අක්කර 08ක පමණ භූමියක පැතිර ඇති කුණු කන්දේ ගින්නක් හටගෙන ඇත්තේ පවතින වියළි කාලගුණය හේතුවෙන් බව බදුල්ල මහ නගර සභාව ප්‍රකාශ කරයි.

බදුල්ල නාගරික කොමසාරිස් ඩබ්ලිව්. රන්දෙණිය මහතා ප්‍රකාශ කළේ මේ වනවිට ගිනි නිවන රථ හා යුද හමුදාවේ ද සහායෙන් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරන බවයි.

ඡායාරූප පහතින්.

20161010_094540_resized

20161010_094857_resized

20161010_095405_resized

No comments:

Post a Comment

Post Bottom Ad