ජාතික පුවත්පත් 2කට එරෙහිව මහජන බැංකුව අධිකරණයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 12, 2016

ජාතික පුවත්පත් 2කට එරෙහිව මහජන බැංකුව අධිකරණයට

ජාතික පුවත්පත් 2කට එරෙහිව මහජන බැංකුව අධිකරණයට

මහජන බැංකුව විසින් සිලොන් පුවත්පත් සමාගමට එරෙහිව වන්දි නඩුවක් ගොනු කර තිබේ. 

මෙම නඩුව ගොණු කර ඇත්තේ තම බැංකුව පිළිබඳව අසත්‍ය පුවතක් වාර්තා කළ බවට චෝදනා කරමිනි.

සිලොන් පුවත්පත් සමාගම ප්‍රකාශයට පත්කරන මව්බිම පුවත්පතට සහ Ceylon Today පුවත්පතට එරෙහිව මෙම නඩුව ගොණු කර ඇති අතර මහජන බැංකුව විසින් එක් පුවත්පතකින් මිලියන 500 බැගින් වන්දි මුදල් ඉල්ලා තිබේ. 

කොළඹ දිසා අධිකරණයෙහි ගොනුකර ඇති මෙම නඩුවෙන් ඔවුන් චෝදනා කරන්නේ තම බැංකුව ඩිජිටල්කරණයකට ලක්කිරීම පිළිබඳව අසත්‍ය තොරතුරු පළකර ඇති බවට යි.

 

No comments:

Post a Comment

Post Bottom Ad