නානුඔය අනතුරකින් 2ක් මරුට - 7ක් රෝහලේ (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 13, 2016

නානුඔය අනතුරකින් 2ක් මරුට - 7ක් රෝහලේ (PHOTOS)

නානුඔය අනතුරකින් 2ක් මරුට - 7ක් රෝහලේ (PHOTOS)

ඊයේ (12) පස්වරු 06.00ට පමණ නුවරඑළිය - අවිස්සාවේල්ල මාර්ගයේ, ක්ලැරන්ඩ් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

අධික වේගයෙන් ධාවනය කර ඇති ලොරි රථයක් අඩි 300ක් පමණ පහලින් වූ ප්‍රපාතයකට පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරෙන් එහි ගමන් ගත් 09 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් දෙදෙනෙකු මියගොස් තිබේ.
 
මියගොස් ඇත්තේ නුවරඑළිය, මූන්ප්ලේන් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හා 30 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

මියගිය පුද්ගලයින්ගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නානුඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඡායාරූප පහතින්.


හැටන් - රංජිත් රාජපක්ෂ

 

No comments:

Post a Comment

Post Bottom Ad