යාපනයේදී යුධ හමුදවේ 14ක් රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 13, 2016

යාපනයේදී යුධ හමුදවේ 14ක් රිමාන්ඩ්

යාපනයේදී යුධ හමුදවේ 14ක් රිමාන්ඩ්

1998 වසරේදී යාපනය අච්චුවේලි යුද හමුදා කවුරේ සෙබලුන් පිරිසක් විසින් සිවිල් වැසියන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමක් සමබන්ධයෙන් චෝදනා ලැබ පසුගිය 11 වනදා යාපනය දිසා අධිකරණයේදී නඩුවකට පෙනී සිටි යුද හමුදා සෙබලුන් 14 දෙනෙකු ලබන 21 වනදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙස යාපනය දිසා විනිසුරු එස්. සදීස්කරන් මහතා නියෝග කර තිබේ.

යුද හමුදා පොලීසිය විසින් අච්චුවේලී පොලීසියේ ගොනුකර තිබූ පැමිණිල්ලකට අනුව එහි වාර්තාවක් අච්චුවේලි පොලීසිය විසින් නීතිපතිවරයාට යොමුකර ඇති අතර ඉන්පසු නීතිපතිවරය අච්චුවේලී පොලීසියට උපදෙස් ලබාදී ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් දණ්ඩනීති සංග්‍රහයේ 296 වගන්තියට අනුව නඩු පවරන ලෙසයි.

ඉන් අනතුරුව අච්චුවේලි පොලීසිය විසින් ඒ බව යාපනය දිසා අධිකරණයට දැනුම් දීමෙන් පසු අච්චුවේලී යුද හමුදා කඳවුරේ එවකට සිටි සෙබලුන් 16 දෙනෙකුට නොතීසි නිකුත් කරමින් පසුගිය 26 වනදා යාපනය දිසා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇති අතර නියම කරනු ලැබී දින අදාල යුද හමුදා සෙබලුන් 16 දෙනාගෙන් 05 දෙනෙකු පෙනී සිට අතර ඔවුන් 05 දෙනාද 11 වනදා දක්වා බන්ධනාගාරගත කළ අතර සෙසු සෙබලුන් 11 දෙනාටද 11වැනිදා යාපනය අධිකරණයේ පෙනී සිටින ලෙසට වරෙන්තු නිකුත් කරනු ලැබීය.

කෙසේ වෙතත් අදාල සෙබලුන් 11 දෙනාගෙන් සෙබලුන් දෙදෙනෙකු මේ වන විට මිය ගොස් ඇති හෙයින් සෙසු සෙබලුන් 09 දෙනා හා අනෙකුත් සෙබලුන් 05 දෙනාද 11වැනිදා යාපනය දිසා අධිකරණයේ පෙනී සිටි අතර ඔවුන් 14 දෙනාම මෙසේ 21 වනදා දක්වා බන්ධනාගාරගත කෙරුණි.

කෙසේ වෙතත් 20-18 නඩු අංකය යටතේ අදාල නඩුව විමසීමේදී මිනීමැරුම් චෝදනාවකට දිසා අධිකරණයේදී ඇප ලබා දීමට නොහැකි බැවින් නඩුව මහාධිකරණයට යොමු කරන බවටත් ඉන් පසුව ඇප ඉල්ලුම් කල හැකි බවට යාපනය දිසා විනිසුරු එස්. සදීස්කරන් මහතා පවසා ඇත.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

No comments:

Post a Comment

Post Bottom Ad