රුපියල් 600ක් නිසා කොස්තාපල්වරු 2ක් රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 1, 2016

රුපියල් 600ක් නිසා කොස්තාපල්වරු 2ක් රිමාන්ඩ්

රුපියල් 600ක් නිසා කොස්තාපල්වරු 2ක් රිමාන්ඩ්

නීති විරෝධී ලෙස ඉන්ධන අළෙවි කළ පුද්ගලයෙකුගෙන් රුපියල් 600ක මුදලක් බලහත්කාරයෙන් ලබාගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට අනුරාධපුර මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 03ක සිරදඬුවම් නියම කර තිබේ.

පසුගිය 2012 වසරේ පෙබරවාරි මස 25 වන දින හබරණ, ගල්ඔය ප්‍රදේශයේදී නීතිවිරෝධීව ඉන්ධන අළෙවි කළ පුද්ගලයෙකුගෙන් බලහත්කාරයෙන් මුදල් ලබාගත් බවට අදාළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබූ බව සඳහන් වේ.

මෙම විත්තිකරුවන් දෙදෙනා නිල රාජකාරියේ නිරතව සිටියදී මෙය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ අනුව පොලිස්පතිවරයා විසින් ඔවුන් දෙදෙනා සක්‍රිය පොලිස් සේවයෙන් නෙරපා හැරීමට ද පියවර ගෙන ඇත.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද (01) දිනයේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විත්තිකාර හිටපු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාට බරපතළ වැඩ සහිත වසර 03 බැගින් සිරදඬුවම් නියම කර තිබේ.

මීට අමතරව රුපියල් 5000 බැගින් දඩ මුදලක් ගෙවන ලෙස ද විනිසුරුවරයා  විත්තිකරුවන් දෙදෙනාට නියම කර ඇති බව වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad