ඊයේ (23) රත්නපුරදී මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සහය පළ කරමින් විද්වත් වෘත්තිකයන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති සම්මන්ත්‍රණයක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.
ඒ, එම සම්මන්ත්‍රණයට සහභාගී වූ සබරගමුව විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සම්මන්ත්‍රණයේ දේශකයින් පළ කළ අදහස් වලට සිය විරෝධය පළ කිරීමත් සමගයි.
ඊයේ පස්වරුවේ 'පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය අපේ රටට අවශ්‍ය ඇයි' යන තේමාවෙන් පැවැත්වුණු මෙම සම්මන්ත්‍රණය සංවිධාන කර තිබුණේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයීය දෙමාපිය සංසදය විසිනි.
මෙම සමුළුවෙහි දේශකයන් ලෙස පුජ්‍ය දඹර අමිල හිමි, පුරවැසිබලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.
එහිදී පුජ්‍ය දඹර අමිල හිමියන් අදහස් දක්වා අවසන් වනවාත් සමඟම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වී සිටි සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් උන්වහන්සේගේ අදහස්වලට විරෝධය පළකළ අතර එහිදී පැමිණ සිටි පිරිස අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
වීඩියෝව පහතින්.
No comments:
Post a Comment