'අස්වූ අය නැවත ගන්නේ නෑ ' - අගමැති කියයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 27, 2016

'අස්වූ අය නැවත ගන්නේ නෑ ' - අගමැති කියයි (VIDEO)

'අස්වූ අය නැවත ගන්නේ නෑ ' - අගමැති කියයි (VIDEO)

රාජ්‍ය ව්‍යවසාය අධ්‍යක්ෂ මණ්ඩලවල සේවයෙහි අනුයුක්තව සිට ඉන් ඉල්ලා අස්වු මහා භාණ්ඩාගාර නිලධාරීන් නැවතත් එම තනතුරුවලට බඳවා නොගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අදාළ නිළධාරීන් යළි බඳවා නොගන්නා බවට පළවූ පුවත්පත් වාර්තාවක් සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් ප්‍රශ්න කිරීමත් සමඟයි.

ඊට පිළිතුරු ලබාදීමේදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ද මැදිහත් විය. 

එයට පිළිතුරු දුන් අගමැතිවරයා කියාසිටියේ, " ඔවුන් ඉවත් වුණානම් ඊට පස්සේ ආයෙත් දාලා වැඩක් නෑනේ. එ්ගොල්ලෝ ඉවත් වෙන්න හේතු දීලා තියෙනවා. ඒගොල්ලෝ බයයි කියලා. ඉතිං බයයි නම් ආපහු කොහොමත් යන්නේ නෑනේ. " ලෙසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා ප්‍රකාශ කළේ ඔවුන් සිය කැමැත්තෙන්ම රැකියාවෙන් ඉවත්වූ නිසා තවත් පුද්ගලයෙකුට එම රැකියා අවස්ථාව ලබාදීම කළ යුතු බවයි.

මේ අතර ඊයේ (26) මාතර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියාසිටියේ මෙම තත්ත්වය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර විසදුමකට පැමිණෙන බවයි.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad