ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ ගිණුමක් ගැන ගෝඨා හෙළිකරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 14, 2016

ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ ගිණුමක් ගැන ගෝඨා හෙළිකරයි (VIDEO)

ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ ගිණුමක් ගැන ගෝඨා හෙළිකරයි (VIDEO)
පසුගිය රජය යටතේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් දිවයින පුරා වෙහෙර විහාර ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළේ රජයේ මුදල්වලින් නොව ආරක්ෂක අමාත්‍යාංශය සතු විශේෂ ගිණුමකින් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මතුගම - බෙල්ලන ශ්‍රී ධර්මපාල මහ පිරිවෙනේ පෙරේදා (12)පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු ත්‍රිවිධ හමුදා ශ්‍රමය එම පූජනීය ස්ථාන දියුණු කිරීමට යොදා ගන්නැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දූන් බවත් ඒ අනුව රටේ සෑම තැනම පිහිටි පන්සල් 1000කට වඩා විවිධ කටයුතුවලට ත්‍රිවිධ හමුදාව යෙදවූ බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

ආරක්ෂක අමාත්‍යංශයට විවිධ පිංවතුන් පරිත්‍යාග කරපු ප්‍රතිපාදන වලින් එම විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කළ බව හෙතෙම වැඩිදුරටත් පැවසී ය.


No comments:

Post a Comment

Post Bottom Ad