බලපත්‍ර නැති අලි ගැන රහස් පොලීසියට වාර්තාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 14, 2016

බලපත්‍ර නැති අලි ගැන රහස් පොලීසියට වාර්තාවක්

බලපත්‍ර නැති අලි ගැන රහස් පොලීසියට වාර්තාවක්
බලපත්‍ර රහිතව සහ දෝෂ සහිත බලපත්‍ර යටතේ රඳවාගෙන සිටින අලි ඇතුන් සම්බන්ධයෙන් වනඅලි සුරැකීමේ එකමුතුව ඊයේ (13)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තාවක් භාර දී තිබේ.

තමන් ලබාදුන් තොරතුරු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බව වන අලි සුරැකීමේ එකමුතුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ඉසුරු අබේවික්‍රම මහතා පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ මෙම වාර්තාවේ කැළණිය රජමහා විහාරයේ රාජා ඇතා,කැස්බෑව - පිලියන්දල ලිපිනයේ සදහන් පණ්ඩුක අලියා,මාවනැල්ල - අරණායක ප්‍රදේශයේ මලී ඇතින්න, කණ්ඩලම සහ මීරිගම ප්‍රදේශවල නිලමේ අලියා සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් බව වාර්තා වේ.

මීට අමතරව හෙයියන්තුඩුවේ - ඒකදන්ත ඇතා,කෑගල්ල - මොලගොඩ ඇතින්න,මොලගොඩ පොඩි ඇතා,මොලගොඩ - ගල්කුලම අලියා, මොලගොඩ කොට්ටාව අලියා,මුදුන්කොත් ලී මෝලේ මුදුන්කොත් ඇතින්න සහ කඩවත - කිරිල්ලවල ගල්මොලේ ඇතින්නගේ නම් ද සදහන්ව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad