වත්තල, ඔලියමුල්ල නවලෝක උද්‍යානපුර ඉදිකිරීමට නියමිත දෙමළ මහ විදුහලට මුල් ගල තැබීමට ඊයේ (28) එම ස්ථානයට පැමිණි සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතාට ප්‍රදේශවාසීහු සහ භික්ෂූන්වහන්සේලා කිහපදෙනෙක් විරෝධය පළ කළේය.
ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට නියමිතව තිබූ එම ස්ථානයේ විද්‍යාලයක් ඇරඹීමට විරුද්ධව ඔවුහු එසේ අප්‍රසාදය පළ කරමින් හූ කීහ.
ඇමැතිවරයා උත්සව සභාව අමතන විට පොලිස් බාධක බිඳගෙන පැමිණි පිරිසක් විරෝධය පළ කළහ.
ඇමැතිවරයා කියා සිටියේ එම භූමියේ කොටසක් පමණක් පාසල ඉදි කිරීමට යොදා ගන්නා බවත් ඉතිරි භූමියේ ක්‍රීඩා පිටිය ඉදිකර දෙන බවත්ය.
මොන සක්කරයා පැමිණියද විදුහල ඉදිකිරීම නොනවත්වන බවද ඇමැතිවරයා පැවසී ය.
උත්සවය අවසන්ව ඇමැතිවරයාට පිටත්ව යෑමට නොහැකි ලෙස විරෝධතාකරුවෝ මාර්ගය අවහිර කර තිබූ අතර මද වේලාවක් රැඳී සිටි ඇමැතිවරයා සහ ආරක්ෂකයෝ විකල්ප මාර්ගවලින් පිටව ගියහ. විරෝධතාකරුවෝ ඔවුන් පසුපස හඹායමින් හූ කියන්නට වූහ. පසුව ඔලියමුල්ල මංසන්ධියට පැමිණි විරෝධතාකරුවෝ ජෝන් අමරතුංග ඇමැතිගේ රුව රැගත් පුවරුවක් ගිනි තැබූහ.
තමන් සැළසුම් කළ ව්‍යාපෘතිය ජෝන් අමරතුංග මහතා අවුල් කළ බව ඇමැති මනෝ ගනේෂන් මහතා අදහස් දක්වමින් පැවසී ය.
එම වීඩියෝව පහතින් නරඹන්න
No comments:
Post a Comment