දිවයිනට පැමිණ සිටින ලෝක බැංකු දකුණු ආසියානු කලාපීය උප සභාපතිනි ඇනට් ඩික්සන් මහත්මිය ඇතුළු පිරිසක් ඊයේ (29) උතුරේ සංචාරයක නිරත වෙමින් නැවත පදිංචි වැසියන් හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා හමුවිය.
ඔවුන් ඊයේ වලිකාමම් උතුර ප්‍රදේශයේ නැවත පදිංචි වැසියන් සමග සාකච්ඡා කල අතර එහිදී ඔවුන්ගේ ඉඩම් හා නිවාස ගැටළු පිළිබඳව අවධානය යොමු කොට ඇත.
අද (30) එම පිරිස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වි. විග්නේස්වරන් මහතා හමුවූ අතර එහිදී ලෝක බැංකු ආධාර යටතේ සිදු කෙරෙන උතුරු පළාත් සංවර්ධන ව්‍යාපෘතීන්ගේ තත්ත්වය සහ යාපනය නගරය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට තිබේ.
එහිදි ලෝක බැංකු නියෝජිතයින් යාපනය ප්‍රදේශයේ පවතින අවතැන් කඳවුරු ඉවත් කිරීම සහ අවතැන් ජනතාව නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් ද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් විමසා ඇත.
ඊට පිළිතුරු දෙමින් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත්තේ යාපනය අවතැන් ජනතාව අදියර කිහිපයක් යටතේ එම ජනතාවගේ මුල් ඉඩම්වල නැවත පදිංචි කිරීම සිදුකරමින් පවතින බවයි.
මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා ඇතුළු උතුරු පළාත් සභා නියෝජිතයින් පිරිසක්ද සහභාගී වී සිටියහ.
ඡායාරූප පහතින්.
වන්නි - රොමේෂ් මධුෂංඛ
No comments:
Post a Comment