හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ සහ බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර යන නිලධාරීන් දෙදෙනා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරවලට උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී තිබේ.
මධ්‍යම පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.ඒ.ඩී.එස්.ගුණවර්ධන සහ මාර්ග ආරක්ෂාව හා අපරාධ අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අමරසිරි සේනාරත්න යන මහත්වරුන් වයස අවුරුදු 60 පිරීමෙන් විශ්‍රාම යාමේ පුරප්පාඩුවට මෙම නිලධාරීන් දෙදෙනා පත් කරන බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ සඳහන් කළේය.
සුමිත් එදිරිසිංහ සහ සරත් කුමාර යන නිලධාරීහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුන් වේ.
No comments:
Post a Comment