පසුගිය 21 වෙනි දා බම්බලපිටියේදී පැහැරගැනීමට ලක් වූ මොහොමඩ් සාකිබ් සුලේමාන් නමැති කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ආරක්ෂක අංශ කොළඹ සිට මාවනැල්ල දක්වා වන CCTV කැමරා පද්ධති පරීක්ෂා කිරීම අද ඇරඹා තිබේ.
කොළඹ, බම්බලපිටිය හා තදාසන්න පෙදෙස්හි CCTV කැමරා පරීක්ෂා කිරීම මීට පෙර සිදු කළ අතර ව්‍යාපාරිකයාගේ පියාගෙන් කප්පම් ඉල්ලා කෑගල්ලෙන් දුරකථන පණිවිඩයක් දුන් පුද්ගලයා නිවැරදිව හඳුනාගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මේවන විට අට දෙනකුගෙන් ප්‍රශ්න කර ඇති පොලිස් කණ්ඩායම්වල දැඩි සැකයට භාජනය වී ඇති එක් පුද්ගලයකු පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.
No comments:
Post a Comment