නොවැම්බර් මාසයේ පැවැත්වෙන අයවැයට පෙර ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකිවෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ යාපනය පේදුරු තුඩුවේ ඊයේ (28) පැවැති උත්සවයකදී ය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේදී ආගමික වශයෙන් පවතින විවිධත්වය සළකා බැලිය යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
ප්රජාතන්ත්රවාදය, සමඟි සන්ධානය හා සංවර්ධනය යන අංශ තුන මූලික කර ගනිමින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව සකස්කරන බවද ඇමතිවරයා පවසා ඇත.
No comments:
Post a Comment