ජනපතිට සහ අගමැතිට බදු රහිත වාහන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 25, 2016

ජනපතිට සහ අගමැතිට බදු රහිත වාහන

ජනපතිට සහ අගමැතිට බදු රහිත වාහන

ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට බදු රහිත මෝටර් රථ 02ක් ගෙන්වීම සඳහා කැබිනට් අනුමැතිය සහ පාර්ලිමේන්තු අවසරය ලබාදුන් බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ 08 වැනි පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයෙකුටම බදු රහිත වාහන බලපත්‍රයක් ලබාදුන් බවයි.

එමෙන්ම රාජ්‍ය සේවකයන්ට ලබාදෙන වාහන බලපත්‍රය විධිමත් කරන බවත් රාජ්‍ය සේවකයන්ට ජීවිත කාලය තුළ ඒ ආකාරයෙන් බලපත්‍ර 02 ක් ලබාදෙන බවත් රවී කරුණානායක මහතා කියා සිටියේය. 

No comments:

Post a Comment

Post Bottom Ad