පක්‍ෂ සමුලුවට යනවාද? ඒකාබද්ධයේ මත විමසුම අදින් අවසන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 31, 2016

පක්‍ෂ සමුලුවට යනවාද? ඒකාබද්ධයේ මත විමසුම අදින් අවසන්

පක්‍ෂ සමුලුවට යනවාද? ඒකාබද්ධයේ මත විමසුම අදින් අවසන්

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සම්මේලනයට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් සහභාගි වෙනවාද නැද්ද යන්න පිළිබඳව ආසන බලමණ්‌ඩල මතය විමසීම අදින් (31) අවසන්වීමට නියමිතය. 

මේ වන විට බලමණ්‌ඩල බහුතරයක මතය විමසා අවසන්ව ඇති අතර, එම සියලුම බලමණ්‌ඩල විසින් සම්මේලනයට සහභාගි නොවිය යුතු බවට ඒකමතිකව තීරණය කර තිබේ. 

ඒ අනුව ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන එම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පක්‍ෂ සම්මේලනයට සහභාගි නොවනු ඇත.

ඊයේ සහ අද දෙදින ඉතිරි ආසන බලමණ්‌ඩල රැස්‌වීම පැවැත්වීමට නියමිතය. මාතර, අනුරාධපුර, කළුතර, කුරුණෑගල, රත්නපුර දිස්‌ත්‍රික්‌කවල ආසන බලමණ්‌ඩල හා දිවුලපිටිය, මිනුවන්ගොඩ ආදී මැතිවරණ කොට්‌ඨාස ගණනාවක ආසන බලමණ්‌ඩල රැස්‌වීම්වලදී පක්‍ෂ සම්මේලනයට සහභාගි නොවිය යුතු බවට යෝජනා සම්මතවී තිබේ.

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රී කණ්‌ඩායම විසින් මේ පිළිබඳව බලමණ්‌ඩලවල මතය විමසීමේ එකඟතාවට පැමිණ ඇත.

 

No comments:

Post a Comment

Post Bottom Ad