අළුත් පක්ෂ නෑ - මහින්ද පිල නව සලකුණකින් මැතිවරණයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 30, 2016

අළුත් පක්ෂ නෑ - මහින්ද පිල නව සලකුණකින් මැතිවරණයට

අළුත් පක්ෂ නෑ - මහින්ද පිල නව සලකුණකින් මැතිවරණයට

දැනට පවතින තත්ත්වය හමුවේ අලුතින් පක්ෂයක් සෑදීමේ අවශ්‍යතාවයක් නැති බැවින් ඒකාබද්ධ විපක්ෂය ලෙස නව සලකුණකින් මැතිවරණයකට යාමට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂය හැටියට ඉදිරි පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් විය යුතු බවත් පක්ෂය ලියාපදිංචිය ඇතුළු අධිකරණ ක්‍රියාමාර්ග මගින් පක්ෂයේ හිමිකාරත්වය ගැන තීරණය කළ හැකි බවත් මන්ත්‍රීවරයා පැවසී ය.

ඒකාබද්ධ විපක්ෂය වෙනම පක්ෂයක් නිර්මාණය කළහොත් හෝ පක්ෂයක් නිර්මාණය කිරීමට කවුරුන් හෝ යෝජනා කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිය මෛත්‍රිපාල සිරිසේන මහතාට පාවා දුන්නා වැනි ක්‍රියාවක් වන බව ද ඔහු සඳහන් කළේය. 

බොරැල්ල එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (29) පැවැති සමාජවාදී ජනතා පෙරමුණු මාධ්‍ය හමුවට සහභාගි වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද කීය.

“ශ්‍රීලනිපයේ ඊනියා සංවත්සරයක් ලබන 4 වැනිදා තියෙනවා. මං ශ්‍රීලනිපයේ නෙවෙයි. අපේ මේ කවුරුවත් ශ්‍රීලනිපයේ නෙවෙයි කාටහරි තියෙන්න පුළුවන්. ශ්‍රීලනිපයේ අභ්‍යන්තර අර්බුද ගැන කතා කරන්න අයිතියක් නෑ කියලා. ඇත්තටම එහෙම අයිතියක් නෑ. නමුත් ශ්‍රීලනිපයේ  සිදුවීම් ලංකාවේ දේශපාලනයටත්, ඒකාබද්ධ විපක්ෂයටත්, සමාජවාදී පෙරමුණටත් බලපානකොට ඒ ගැන යමක් කියන්න අපටත් අයිතියක් තියෙනවා. ඒ නිසා අපි කියනවා ශ්‍රීලනිපයේ ඊනියා සංවත්සරය සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඉතා පැහැදිලිව ඔළුවේ තියෙන්න ඕනේ. මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඔහුගේ කණ්ඩායමට ශ්‍රීලනිපයේ හෝ සන්ධානයේ නාමය එමඟින් පැහැර ගන්නට ඉඩ දෙන්න බෑ. අද මේ රටේ ජන බලයේ බහුතරය තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂයත් එක්ක. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂයට ශ්‍රීලනිපය ගැන තියෙන අයිතිය මෛත්‍රිපාලට පාවා දෙන්නත් බෑ. මේ තිබෙන ජන බලයේ ප්‍රමාණය හැටියට අපිට මේ අයිතිය මෛත්‍රිපාලට පාවා දෙන්නත් බෑ. අපි වෙනම පක්ෂයක් හදන්න ඕනේ නෑ.“

“ඒකාබද්ධ විපක්ෂය අපි හදල තියෙන්නේ. ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි පළාත් පාලන ඡන්දයට යන්න ඕනේ. ඡන්දය ඉල්ලන්න ඕනේ ලකුණක්. අපි කියන්නේ ශ්‍රී ල.නි.ප.ය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ලකුණක් ලබා ගන්නවා ඡන්දය ඉල්ලද්දී. ඡන්දයට තරග කරල පළාත් පාලන ඡන්දයෙන් තීන්දුව ලබා දෙනවා ශ්‍රී ල.නි.ප.යේ අයිතිය තියෙන්නේ කාටද කියලා.“ යැයි වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad