චොප්පේ ජයසුන්දර පොලිස් ආරක්ෂාව මැද පස් කදු කපයි….. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 14, 2016

චොප්පේ ජයසුන්දර පොලිස් ආරක්ෂාව මැද පස් කදු කපයි…..

මරදානේ චොප්පේ අයියා හේවත් හන්තාන දැරියන් 8 දෙනෙක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කිරීම හා ඉන් දැරියන් දෙදෙනෙක් දූෂණය කිරීම සම්බන්ධව චෝදනා ලැබ සිටින කණ්ඩායම ගලවා ගැනිම සදහා පෙනී සිටින කූජිත ජයසුන්දර සිය පොලිස්පති බලය පෙන්වමින් නීතිවිරෝධී ලෙස පස් කදු කැපිමේ ව්‍යාපාරයක නිරත වෙමින් සිටින බවට අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

කූජිතගේ නිවස පිහිටා ඇති වැල්ලව මුකලානය ප්‍රදේශයේ නිවසේ වත්ත අක්කරයක් පමණ පිරවිම සදහා ඉට මදක් නුදුරින් පිහිටි වැල්ලව පොලිස් බල ප්‍රදේශයට අයත් ප්‍රදේශයක පස් කන්දක් කිසිදු නීතිමය අවසරයකින් තොරව පොලිස් ආරක්ෂාව මැද්දේ එක්ස්කැවරේටර් යොදවා කපා ටිපර් මගින් නිවසට රැගෙන ගොස් තිබේ.

පසුව එම ටිපර් අයිතිකරුවන්ට සහ එක්ස්කැවරේටර් හිමිකරුවන්නට පස් කන්දේ ඉතුරු කොටස් කපාගෙන ගොස් විකිණීම සදහා අවසර ලබාදී ඇති අතර ඔහුන් පොලිස් ආරක්ෂාව මැද්දේම කන්දෙන් සියයට 85ක් පමණ කපා ඉවත් කරගෙන ගොස් තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad