කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ගමන් වාරවල වෙනසක් සිදුකර තිබේ.
ඒ අනුව ලබන වසරේ ජනවාරි 06 වනදා සිට අප්‍රේල් 06 වනදා දක්වා මාස 03ක කාලයක් ගුවන් තොටුපළේ ප්‍රධාන ධාවනය පථය දිනකට පැය 8ක් වසා තැබීමට නියමිතය.
ඒත් සමඟම සිංගප්පූරුව, චෙන්නායි, ටි‍්‍රචි, මාලේ, කොචිං සහ බැංගලෝර් බලා පියාසර කරන ගුවන් යානා කිහිපයක ගමන් වාර අවලංගු කරන බව ද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රකාශ කරයි.
බීජිං, ෂැංහයි, නවදිල්ලි, ලන්ඩන්, සිංගප්පූරු ඇතුළු තවත් රටවල් කිහිපයක් වෙත පියාසර කරන යානාවල කාලසටහන ද වෙනස් වී තිබේ.
අවලංගු කරන ගුවන් ගමන් වාර සඳහා වෙනත් වේලාවන්හිදී ගුවන් යානා යෙදවීමට අපේක්ෂිතය.
No comments:
Post a Comment