සිරිසේනට රෙදි නැතිව කඬේ යන මහ ඇමති ඉසුරගේ කප්පම් මාෆියාව මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 25, 2016

සිරිසේනට රෙදි නැතිව කඬේ යන මහ ඇමති ඉසුරගේ කප්පම් මාෆියාව මෙන්න

මේ දිනවල මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාට රෙදි නැතිව කඬේ යන බස්නාහිර මහ ඇමති ඉසුර දෙවප‍්‍රිය මහතා සිය තනතුර රැක ගැනීම සදහා බස්නාහිර පලාත් සභාවේ සන්ධාන හා එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍රවරුන්ට අල්ලස් ලබාදී ඇතැයි වාර්තා වේ.

බස්නාහිර පලාත් සභා මන්තී‍්‍රවරු 35ක් හා නිලධාරීන් 39ක් පසුගිය සති දෙක තුල රුසියාවේ සංචාරයක නිරත වූ අතර, එය හදුන්වා තිබුණේ අධ්‍යාපන චාරිකාවක් ලෙසය.මෙම චාරිකාව සංවිධානය කර ඇත්තේ බස්නාහිර පලාත් සභා මුදලිනි. රුපියල් ලක්‍ෂ 220ක මුදලක් මේ සදහා වැයකර ඇත. මෙය සංවිධානය කර ඇත්තේ ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා වන ලලිත් කන්නන්ගරය. ඔහු බස්නාහිර පලාත් සභාවේ හිටපු සභා ලේකම්වරයෙකි.

මෙම සංචාරය සදහා එක් අයෙකුට පන්ලක්‍ෂ පනස් නවදාහක් වැය වෙතැයි ගනන් බලා අදාල ප‍්‍රතිපාදන වෙන්කරගෙන ඇති අතර, වියදම්වී ඇත්තේ ලක්‍ෂ 2,25000ක් පමණක් බවත්, ඉතිරි මුදල මහ ඇමතිවරයා මාටියා ගසා ඇතැයිද පලාත් සභා මන්තී‍්‍රවරු චෝදනා කරති. සංවත්සරයට ගිය මන්තී‍්‍රවරුන්ට මහ ඇමතිවරයා ඩොලර් 100ක සන්තෝසම් මුදලක්ද පිරිනමා තිබේ. එම මුදල පිරිනමා ඇත්තේද පලාත් සභාවෙන් මහ ඇමතිවරයා මාටියා ගැසූ මුදලින් බවටද පලාත් සභා මන්තී‍්‍රවරු චෝදනා කරති.

සිංහලේට රැස්විම්වලට ඉඩ නෑ -මහ ඇමති පරල වෙයි



උපුටා ගැනීම : Lanka News Web Today

No comments:

Post a Comment

Post Bottom Ad