තහනම් දැල් ආම්පන්න භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
තාල්පාඩු මුහුදු ප්රදේශයේදී සහ කදිරවේලි මුහුදු ප්රදේශයේදී අදාළ ධීවරයින් පිරිස අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.
එහිදී ඔවුන් සතුව තිබූ ඩිංගි යාත්රා 04ක් සහ තහනම් දැල් කිහිපයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
තාල්පාඩු මුහුදු ප්රදේශයේදී අත්අඩංගුවට ගත් ධීවරයින් සහ උපරණ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරික්ෂක කාර්යාලයටත් කදිරවේලි මුහුදු ප්රදේශයේදී අත්අඩංගුවට ගත් ධීවරයින් සහ උපකරණ වාකරේ පොලිසියත් භාර දුන් බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කර සිටී.
No comments:
Post a Comment