‘බුදු දහමට හිමිවියයුතු තැන ලබාදිය යුතුයි’ - කොළඹ අගරදගුරු (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 26, 2016

‘බුදු දහමට හිමිවියයුතු තැන ලබාදිය යුතුයි’ - කොළඹ අගරදගුරු (VIDEO)

‘බුදු දහමට හිමිවියයුතු තැන ලබාදිය යුතුයි’ - කොළඹ අගරදගුරු (VIDEO)
ශ්‍රී ලංකාවේ ජන ජීවිතය හා බැඳුණු බුද්ධ ධර්මයට නිසි තැන හිමිවීම සියළු ආගමිකයින් අනුමත කරන්නක් බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කරයි.

අගරදගුරුතුමන් මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) අභිනවයෙන් පදවි ප්‍රාප්ත වූ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහනාහිමියන්, වෙඬරුවේ උපාලි අනුනායක හිමියන් ඇතුළු නාහිමිවරුන්ට හරසර පිදීම වෙනුවෙන් කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ දී පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අගරදගුරුතුමන්,"මොන ආගමක් ඇදහුවත් මේ රටේ පොදු උරුමයේ කේන්ද්‍රය බුදුන් වහන්සේ උගන්වා වදාල දර්ශනයයි. ආගමික ශිෂ්ඨාචාරය හීන වෙන්නට පටන් අරන් තියෙන කාලයක ආගම ව්‍යවස්ථානුකූලව පැත්තකට කිරීම සුදුසු දෙයක් නොවන බව ප්‍රකාශ කරන්න කැමතියි. 

මේ රටේ බුද්ධාගමට හිමිවියයුතු ස්ථානය අපි ලබාදිය යුතුයි. එය මේ රටේ ඉතිහාසයට සම්බන්ධ අත්දැකීමක්." යි පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමිපාණෝ කියාසිටියේ බුදු දහම මෙරට ඉතිහාසයට සම්බන්ධ අත්දැකීමක් වන බවත් අනාගමික රාජ්‍යයක් බිහි කිරීමේ සංකල්පය තමන් පිළි නොගන්නා බවත් ය.

වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *