හිටපු ලොතරැයි සභාපතිට ඇප - රට ගමන් තහනම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 26, 2016

හිටපු ලොතරැයි සභාපතිට ඇප - රට ගමන් තහනම්

හිටපු ලොතරැයි සභාපතිට ඇප - රට ගමන් තහනම්
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ මහතාට ඊයේ (25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ඇප නියම කළේය.

චන්ද්‍රවංශ පතිරාජ මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටි සමයේ සිදුකළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිසම විසින් පවරා තිබූ නඩු 03ක් ඊයේ විභාගට ගත් අතර එහිදී මෙලස ඔහුට ඇප නියම විය.

2014 නොවැම්බර් 17 සිට 2014 දෙසැම්බර් 10 දක්වා කාලයේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ප්‍රවර්ධනය සඳහා පෞද්ගලික අංශය සමඟ ඇති කර ගත් ගිවිසුමක් නිසා රජයට රුපියල් මිලියන 23 ක අලාභයක් කළැයි මොහුට එම නඩු පවරා ඇත.

එහිදී චෝදනාකරුට එක් නඩුවකට රුපියල් මිලියන 10 බැගින් ශරීර ඇප 02ක් බැගින් ඇප නියම කළ අතර ඔහුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය. චෝදනාකරු චෝදනාවන්ට නිවැරදිකරු යැයි පැවසූ බැවින් නඩුව යළි නොවැම්බර් 25 වැනි දින නැවත විභාග කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad