මන්ත්‍රී විරෝධයෙන් දකුණු පළාත් සභාව උණුසුම් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 26, 2016

මන්ත්‍රී විරෝධයෙන් දකුණු පළාත් සභාව උණුසුම් (PHOTOS)

ඩී.වී උපුල් මහතාගේ පළාත් ඇමතිධූරය අහිමි කිරීමට එරෙහිව දකුණු පළාත් සභාවේ මන්ත්‍රීන් පිරිසක් අද (26) කළුපටි පැළඳ දැක්වූ විරෝධතාවයක් උණුසුම්වීම හේතුවෙන් එහි කටයුතු ලබන අගෝස්තු මස 08 වැනිදා දක්වා කල්තබා තිබේ.
දකුණු පළාත් සභාවේ සභපතිවරයා මෙලෙස සභාවේ කටයුතු කල් තැබීමට පියවර ගෙන ඇත්තේ කළුපටි පැළඳගත් මන්ත්‍රීන් පිරිස සභාවේ කටයුතුවලට බාධා කරමින් හැසිරීම නිසවෙනි.

ඉන්අනතුරුව ඩී.වී උපුල්ට මහතාට හිතවත් මන්ත්‍රීන් පිරිස ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පැවැත්වා ඇති අතර ඊට ප්‍රතිචාර වශයෙන් පළාත් මහ ඇමති ශාන් විජයලාල් මහතා ප්‍රමුඛ එජාප මන්ත්‍රීන් පිරිසක් ද මේවන විට මාධ්‍ය හමුවක් පවත්වන බව වාර්තා වේ.

ඩී.වී උපුල් මහතා විසින් දැරූ ධීවර අමාත්‍යධූරය ඇතුළු විෂය කිහිපයක් එම පළාත් සභාවේ මන්ත්‍රී එච්.ඩබ්ලිව්.ගුණසේන මහතාට ලබාදීමට ජනාධිපතිවරයා පසුගියදා පියවර ගත් අතර මේ සමග උපුල්ට හිතවත් මන්ත්‍රීන් ඊට විරෝධය පළකරන ලදී.










No comments:

Post a Comment

Post Bottom Ad