මඩකලපුව, වෙල්ලාවලි කාකච්චිවට්ට ප්රදේශයේ දී ඝාතනය කළ බවට සැකකෙරෙන එකම පවුලේ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි.
කාන්තාවක්, ඇයගේ කුඩා දියණිය සහ එම කාන්තාවගේ පියා මෙලෙස මියගොස් ඇති බව වෙල්ලාවලි පොලීසිය පැවසී ය.ප්රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව වෙල්ලාවලි පොලීසිය සිදුකළ සෝදිසියකදී ඔවුන් පදිංචිව සිටි නිවස අසළ ළිඳක තිබී කාන්තාවගේ සහ කුඩා දැරියගේ මළ සිරුරු සොයාගෙන තිබේ.
බරපතළ තුවාල සහිතව නිවස අසළ වැටී සිටි පියා ප්රදේශවාසීන් විසින් මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව වාර්තා වෙයි. මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි කාන්තාවක්, අවුරුදු එකහමාරක දැරියක් සහ 56 හැවිරිදි පුද්ගලයෙකි.
මොවුන් කිසියම් පුද්ගලයෙකු විසින් ඝාතනය කර ඇති බවට පොලීසිය සැක පළ කරන අතර වෙල්ලාවලි පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

No comments:
Post a Comment