යහපාලනයට මුවා වී වැරදි කලොත් වැඩ වරදී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 24, 2016

යහපාලනයට මුවා වී වැරදි කලොත් වැඩ වරදී

යහපාලනයට මුවා වී වැරදි කලොත් වැඩ වරදී
යහපාලන නාම පුවරුවට මුවා වී වැරදි කිරීමට දේශපාලනඥයින්ට හෝ රාජ්‍ය නිළධාරින්ට ඉඩ නොතබන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
සියලූදෙනා තම හෘද සාක්ෂියට අනුව කටයුතු නොකළහොත් ජනතාව යහපාලන ආණ්ඩුව කෙරෙහි තැබූ බලාපොරොත්තු බිඳ වැටෙනු ඇති බවද ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා යහපාලන සහ සංහිඳියා සංකල්පයන් ජයග‍්‍රහණය කරවා රටත්, ජනතාවත් ජයග‍්‍රහණය කරවීමට සියලූදෙනා කැපවිය යුතු බව ද පැවසීය.
හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේ ,ශී‍්‍ර ලංකාවේ සංවර්ධන අභියෝග, මැයෙන් ඉකුත්දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති විශේෂ සම්මන්ත‍්‍රණය අමතමිනි.
රාජ්‍ය නිලධාරීන්ට එල්ලවන බලපෑම් පිළිබඳ සහ ඔවුන්ගේ දුක් ගැනවිලි පිළිබඳ කටයුතු කිරීමට අපක්ෂපාතී සහ මධ්‍යස්ථ ආයතනික ව්‍යුහයක් ස්ථාපිත කරන බවද ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.
දේශපාලනඥයින් වැරදි සිදු කරනවානම් ඔවුන්ට රාජ්‍ය නිලධාරින්ට ඒ පිළිබඳ ඇගිල්ල දිගු කළ නොහැකි බවද පැවසූ ජනාධිපතිවරයා විනය, ශිෂ්ඨත්වය පදනම් වූ යහපාලන සංකල්පය ආරක්ෂා කරමින් යහපත් සහ සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීම පිළිබඳ පළමු ආදර්ශය ලබාදිය යුත්තේ දේශපාලනඥයින් බව ද කියා සිටියේය.
අද තිබෙන ආර්ථික තත්ත්වයෙන් රට ගොඩගැනීම සඳහා කළයුත්තේ එකිනෙකාට චෝදනා කරමින් ඇගිල්ල දිගු කර ගැනීම නොව තමන් භාරගත් වැඩ කොටස නිසි ලෙස ඉටු කරමින් රට සහ ජනතාව වෙනුවෙන් යුතුකම් සහ වගකීම් ඉටු කිරීම බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
ශී‍්‍ර ලංකාවේ සංවර්ධන අභියෝග, මැයෙන් මෙහි ප‍්‍රධාන දේශනය මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් සිදු කළ අතර එහිදී ඔහු පෙන්වා දුන්නේ වර්තමාන ශී‍්‍ර ලංකා විදේශ ආයෝජන ඉදිරි වසරවලදී පස් ගුණයක් දක්වා වැඩිකර ගැනීම රජයේ ඉලක්කය බවයි.
වත්මන් රජයේ යහපත් විදේශ ප‍්‍රතිපත්තින් ඉවහල් කර ගනිමින් ජාත්‍යන්තරය සමග නව වෙළෙඳ ගිවිසුම්වලට එළැඹ ආයෝජන අවස්ථා වර්ධනය කර ගනිමින් අපනයනය වැඩිදියුණු කර ලංකාව ආර්ථික දුෂ්කරතාවලින් මුදා ගැනීමට කටයුතු කරන බවද මහ බැංකු අධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය
පවතින නෛතික ව්‍යුහය තුළ සංවර්ධන අභියෝග ජය ගැනීමෙහිලා රාජ්‍ය නිලධාරියාගේ කාර්යභාරය, මැයෙන් විශේෂ දේශනයක් නීතිපති ජයන්ත ජයසූරිය මහතා විසින් සිදු කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad