සූරියවැවදී පිරිමියකු ගැබ් ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 23, 2016

සූරියවැවදී පිරිමියකු ගැබ් ගනී

සූරියවැව නගරයේ පිරිමියකු ගැබ් ගෙන ඇති බවට වන වෛද්‍ය වාර්තාවක් පුද්ගලික වෛද්‍ය රසායනාගාරයක්  හරහා නිකුත්ව ඇති බව අනාවරණවී තිඛෙනවා.

වෛද්‍ය නිර්දේශ මත විවාහක පුද්ගලයකු  ලේ සහ මුත්‍ර පරීක්ෂණයක් කර දින දෙකකට පසු එම වාර්තාව ලැබී ඇති අතර එය වෛද්‍යවරයකු වෙත යොමුකිරීමෙන් පසුවයි මේ බව අනාවරණවී ඇත්තේ.

අදාළ වාර්තාව පරීක්ෂා කළ  වෛද්‍යවරයා තුෂ්නීම්භූත වී රෝගියා දෙස බලා ඇත්තේ එම වාර්තාව අනුව රෝගියා ගැබ් ගෙන ඇති බවට සඳහන්ව තිබූ නිසාය. මීට පෙර අවස්ථා කිහිපයකත් අදාළ පුද්ගලික රසායානාගාරයෙන් මෙවන් වාර්තා නිකුත්ව ඇති බවයි හෙළිව ඇත්තේ.

වෛද්‍ය රසායනාගාරයක් පවත්වාගෙන යන ස්ථානයකට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයකු සිටිය යුතු වුවද සූරියවැව ඇතැම් වෛද්‍ය රසායනාගාර තුළ සේවයේ යොදවා සිටින්නේ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයට පෙනී සිටි පිරිස් බව බවද සදහන්.

සෞඛ්‍ය බලධාරීන් නිසි පරීක්ෂාවක් මෙවන් ආයතන කෙරෙහි යොමු නොකිරීම නිසා මෙවන් තත්ත්වයන ඇති වන බවටයි චෝදනා එල්ලවන්නේ. මෙවන් වගකීම් විරහිත ක්‍රියාවන් හේතුවෙන් රෝගීන්ගේ ජීවිත පවා අහිමි විය හැකි අතර එවන් තත්ත්වයන් වෙනුවෙන් වගකියන්නේ කවුරුන්ද යන්න අප බළධාරීන්ගෙන් විමසා සිටින්නෙමු.

No comments:

Post a Comment

Post Bottom Ad