නකල්ස් රක්ෂිතයේ වන සතුන් දඩයම් කළ බවට සැකපිට පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 06 දෙනා අද (08) දින ඇප මත මුදාහැර තිබේ.
ඒ අනුව තෙල්දෙණිය දිසා විනිසුරු එන්.එම් ෆරික්ඩීන් මහතා විසින් සැකකරුවන්ට රුපියල් 25,000 බැගින් මුදල් ඇප සහ එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරිර ඇප 02ක් මත මුදාහැර ඇති බව වාර්තා වේ. පසුගිය දින කිහිපයේම සමාජජාල වෙබ් අඩවි ඔස්සේ පළ වූ ඡායාරූප සහ තොරතුරුවලට අනුව වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණි.
අදාළ සැකකරුවන් පිරිස විසින් නකල්ස් රක්ෂිතයෙන් අල්ලාගත් මුවන්, දඬුලේනුන්, ඉත්තෑවන් ඇතුළු සතුන් විශාල සංඛ්‍යාවක් මරාදමා ඇති අයුරු දැක්වෙන ඡායාරූප පසුගිය කාලය පුරාවට සමාජජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වෙමිනි කතා බහට ලක්වුණි.
No comments:
Post a Comment