අද ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති විකාශන කාලයෙන් 80%ක් පමණ වෙන් වන්නේ රජය විවේචනය කිරීමට බවත් රජය සිදුකරන සංවර්ධන කටයුතු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා වෙන් කරනු ලබන්නේ 20%ක පමණ කාලයක් පමණක් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව කියාසිටියේ අද (07) පෙරවරුවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව එම නිළධාරීන් අමතමිනි.
එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා රජය විවේචනය කිරීම පිළිබඳ කිසිදු ගැටලූවක් නොමැති නමුත් සාධාරණ සහ සමබර තොරතුරු ජනතාව අතරට ගෙනයමින් තම මාධ්‍ය වගකීම රට වෙනුවෙන් ඉටු කිරීම පිළිබඳ මාධ්‍ය ආයතන වෙත මග පෙන්වීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
එමෙන්ම එය කිසිසේත් මාධ්‍ය මර්දනයක් සඳහා කරන කටයුත්තක් නොවන බවත් ජනතාවට හරවත් මාධ්‍ය භාවිතයක් පිළිබඳ අයිතිය ලබාදීම වෙනුවෙන් කෙරෙන වැඩපිළිවෙළක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඊයේ පෙරවරුවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත පැමිණි ජනාධිපතිවරයා එම ආයතනයේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය පිළිබඳව ද සොයා බැලූ අතර එම ආයතනය 2004 වසරේ සිට ජනාධිපතිවරයා යටතේ පවතින ආයතනයක් වුව ද එහි කටයුතු සොයා බැලීමට ජනාධිපතිවරයෙකු ගිය පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.
No comments:
Post a Comment