වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙවර පාසල් සිසුන්ට ලබාදුන් විභාග ගණිත ප්‍රශ්න පත්‍රයට සමාන ප්‍රශ්න පත්‍රයක් සිසුන්ට බෙදාදුන් පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා රාජපක්ෂ මහතා පවසයි.
6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා වන පන්ති සඳහා අදාළ ගුරුවරයා විසින් ආනමඩුව ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියකදී මෙම ආදර්ශ ප්‍රශ්න පත්‍රය බෙදා දී තිබුණි. එම ගුරුවරයා වයඹ පළාත් සභාවට අයත් ආනමඩුව නගරයේ රජයේ පාසලක සේවය කරන ගුරුවරයෙකු බව වාර්තා වෙයි.
සිසුන්ට ලබාදුන් බව කියන ආදර්ශ ප්‍රශ්න පත්‍රය අතින් ලියා පිටපත් කරන ලද ප්‍රශ්න පත්‍රයක් වන අතර එහි ඇතැම් ප්‍රශ්න වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙවර පාසල් වාර විභාගය සඳහා ලබාදුන් ප්‍රශ්න පත්‍රයේ ද ඒ අයුරින්ම දක්නට ලැබෙන බව සන්ධ්‍යා රාජපක්ෂ මහතා සඳහන් කරයි.
රහස්‍යභාවය උපරිම ලෙස ආරක්ෂා වන පරිදි මෙවර පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර සකස් කළ බවත් මෙම ගණිත ප්‍රශ්න පත්‍ර පිටවූ ආකාරය පිළිබඳ පුළුල් ලෙස සොයා බලන බවත් වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ද සන්ධ්‍යා රාජපක්ෂ මහතා පැවසී ය.

No comments:
Post a Comment