කොළඹ වරායේ බොරතෙල් ගොඩබාන නලයක් යළි පිපිරීමට ලක්ව ඇතැයි වාර්තා වේ.
ඉරානයේ සිට රැගෙන ආ බොරතෙල් මෙට්රික් ටොන් අනූ දහසක් ගොඩබෑමට ඊයේ(23) පස්වරුවේ සූදානම් වු අවස්ථාවේ අදාළ නලය පිපිරීම පිළිබඳ හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.
මීට සති දෙකකට පමණ ඉහතදී ද අදාළ නලයේ පිපිරීමක් සිදුව තිබුණි.
බාල තෙල් නල ගෙන්වීම හේතුවෙන් මෙම තත්ත්තවය උදා වී ඇති බව ලංකා ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා පැවසී ය.
බොරතෙල් ගොඩබෑම ප්රමාද වුවහොත් නැව් සඳහා දෛනිකව විශාල ප්රමාද ගාස්තු ගෙවිය යුතු බව හෙතෙම සඳහන් කළේය.

No comments:
Post a Comment