චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන් යි මහතා නිල සංචාරයක් සඳහා අද (08) දිවයිනට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව අද පස්වරුවේ දී ඔහු දිවයිනට ළඟාවන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සහ චීන විදේශ අමාත්‍ය වෑන් යී මහතා අතර අද පස්වරුවේ දී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් ඉන් අනතුරුව අද රාත්‍රීයේ දී ඒ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිත බවත් විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටී.
හෙට දිනයේ දී චීන විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනෙන් පිටත්වයාමට නියමිත අතර හෙට පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ද ඒ මහතා සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

No comments:
Post a Comment