රැකියා දස ලක්ෂයේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා වන ආණ්ඩුවේ පස් අවුරුදු සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධානියා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත් කිරීමට අගමැතිවරයා තීරණය කිරීමත් සමග, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා බලවත් සේ කනස්සල්ලට පත්ව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
වසර පහක් තුළ දී තරුණ තරුණියන්ට රැකියා දස ලක්ෂයක් බිහි කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයට පෙර ප්‍රතිඥා දුන් අතර, මෙය යථාර්තයක් බවට පත් කිරීමේ පස් අවුරුදු සැලැස්මට රජයේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සියල්ලම ඇතුළත් වී ඇත.
ආර්ථික විශේෂඥයකු ලෙස අන්තර්ජාතික නමක් දිනා ගෙන සිටින අර්ජුන් මහේන්ද්‍ර මහතා ප්‍රධානත්වය ගන්නා පස් අවුරුදු සැලැස්මට මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධානීන් කිහිප දෙනකු සහාය ලබා දීමට ඉදිරිපත් වී තිබේ.
ETCA
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කිරීමට යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම, චීනය සමඟ අත්සන් කිරීමට යෝජිත ආර්ථික ගිවිසුම ආදී ඉදිරි වසර හතර තුළ මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රගතියට අදාළ ජාත්‍යන්තර එකඟතාවලට එළැඹීම ද අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුතු පස් අවුරුදු සැලසුම් ව්‍යාපෘතිය මඟින් කිරීමට නියමිතය.
එසේම, මේ වසර අගදී ඉන්දියාව සමග ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) අත්සන් කිරීමට දැඩි තීරණයක් ගෙන ඇති අගමැතිවරයා, එහි කටයුතු මෙහෙයවීම ද අර්ජුන් මහේන්ද්‍රන් මහතාට පවරා තිබේ.
එක වල්ලේ පොල් :
මලික් සමරවික්‍රම මහතා මෙන්ම අර්ජුන් මහේන්ද්‍රන් මහතා ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජකීය විදුහලේ සමකාලින මිතුරන්ය.
එහෙත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් සමග මෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සමග ද සමීප ඇසුරක් පවත්වන ප්‍රබල ව්‍යාපාරිකයකු වන ඇමති මලික් සමරවික්‍රම මහතා, අර්ජුන මහේන්ද්‍රන් මහතාට බැදුම්කර ගනුදෙනු සම්බන්ධ චෝදනා එල්ලවූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් මගහැර සිටීම අගමැතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්ව තිබිණ.
Saturday, July 23, 2016
රනිල්, ගජ මිතුරන් දෙදෙනා කොටවයි !
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment