ආණ්ඩුවට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය ජුලි 28 වනදා පැවැත්වීමට සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාව නැවැත්වීමට ආණ්ඩුව, පොලිසිය හෝ සිවිල් පුද්ගලයකු මගින් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගැනීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පුවත්පතකට පවසා ඇති බව වාර්තා වේ.
මේ නිසා ඊට මුහුණදීමට විපක්ෂයට හිතවත් නීතිඥ කණ්ඩායමක් 25 දින උදැසන 9.00 සිට අධිකරණ කටයුතු අවසන් වනතෙක් දිනපතා අලුත්කඩේ උසාවියේ සූදානම් කර තැබීමට තීරණය කළ බව ද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත. පාද යාත්‍රාව අති සාර්ථක ලෙස සංවිධානය වන බවට ආණ්ඩුවට තොරතුරු ලැබී ඇති නිසා එය වැළැක්වීමට විවිධ කුමන්ත්‍රණවල නිරතව සිටින බව ද රඹුක්වැල්ල මහතා අවධාරණය කර ඇත.
ආණ්ඩුව පාද යාත්‍රාවේ ගමන් මාර්ගය වැළැක්වීමට කිසියම් ලෙසකින් වාරණ නියෝගයක් ලබා ගතහොත් ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග කිහිපයක් කෙරෙහි ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමුකර ඇති බව ද හෙතෙම එම පුවත්පතට වැඩි දුරටත් පවසා තිබේ.
Sunday, July 24, 2016
එකාබද්ධ විපක්ෂයේ ජන සටනට අධිකරණයෙන් වාරණ නියෝගයක්…..!
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment