සාලාව ජනතාව යළිත් පාර අවහිර කරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 9, 2016

සාලාව ජනතාව යළිත් පාර අවහිර කරයි (VIDEO)

සාලාව ජනතාව යළිත් පාර අවහිර කරයි (VIDEO)
දෙවන වරටත් අද (09) දිනයේ ද කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සාලාව ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ වාහන ගමනා ගමනය යළි සීමා කර තිබේ.

වාර්තා වන අන්දමට මොවුන් මෙලෙස විරෝධතාවයේ යෙදෙන්නේ පසුගියදා සාලාව කඳවුරේ සිදුවූ පිපුරුමෙන් ඒ අවට නිවාසවලට ව්‍යාප්ත වූ සුන්බුන් කොටස් සම්පූර්ණයෙන් ඉවත් කිරීමකින් තොරව මාර්ගය විවෘත කිරීමට එරෙහිව ය.
  පසුගිය ඉරිදා කඳවුරේ සිදුවූ පිපුරුමෙන් අනතුරුව එම මාර්ගය තාවකාලිකව වසා දමා තිබූ අතර දින 2කින් පසු යළිත් ගමනාගමන කටයුතු සඳහා මාර්ගය විවෘත කෙරිණි.

වරින් වර එම මාර්ගය ‍වසා දැමීමට ආරක්ෂක අංශ පියවර ගත් අතර අද ආරම්භ කළ විරෝධතාවය හේතුවෙන් නැවතත් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා සිදුව ඇති බව වාර්තා වේ.


වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad