ශ්‍රීලනිප මන්ත්‍රී 95කගේ එකඟතාවයෙන් පාර්ලිමේන්තු බලය මහින්දට! (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 9, 2016

ශ්‍රීලනිප මන්ත්‍රී 95කගේ එකඟතාවයෙන් පාර්ලිමේන්තු බලය මහින්දට! (VIDEO)

ශ්‍රීලනිප මන්ත්‍රී 95කගේ එකඟතාවයෙන් පාර්ලිමේන්තු බලය මහින්දට! (VIDEO)
සමස්ත ලංකා කාරක සභාව හා පක්ෂ සම්මේලනය කැඳවා ශ්‍රීලනිපයට පක්ෂය ආරක්ෂා කළ හැකි හා පක්ෂයට අවංකව ආදරය කරන සභාපතිවරයෙකු පත්කරගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් භික්ෂු සංවිධානය අවධාරණය කරයි.

වත්මන් ශ්‍රීලනිප සභාපති එක්සත් ජාතික පක්ෂයේ ඕනෑ එපාකම් මත ක්‍රියා කරන බවත් එදා සිට අද දක්වා ලේ, කඳුළු, ඩහදියෙන් ආරක්ෂා කළ පක්ෂය රැකගැනීමට කාලය එළඹ ඇති බව එම භික්ෂු සංවිධානයේ මහලේකම් පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමි පැවසූහ.

වත්මන්හි ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් තම වරප්‍රසාද හා තානාන්තර රැකගැනීම සඳහා ඕනෑම පහත් වැඩක් කිරීමට සූදානම් බවත් ඔවුන්ගේ ඇතැම් ප්‍රකාශ හා ක්‍රියා කලාපයන් පක්ෂයේ විනාශයට හේතුවී ඇති බවත් ඊයේ (08) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සෝමානන්ද හිමි සඳහන් කළහ.

එසේම පක්ෂය ආරක්ෂා කරලීම සඳහා රටේ 5වන විධායක ජනාධිපති මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් නව පක්ෂ සංවිධානයක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසූහ. 

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී 95දෙනාගේ එකඟතාවයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු බලය ලබා දිය යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.


No comments:

Post a Comment

Post Bottom Ad