අලි 15 දෙනාගේ තහනම් නියෝගය දීර්ඝ කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 9, 2016

අලි 15 දෙනාගේ තහනම් නියෝගය දීර්ඝ කරයි

අලි 15 දෙනාගේ තහනම් නියෝගය දීර්ඝ කරයි
වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින අලි ඇතුන් 15 දෙනෙකු බැඳුම්කර මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය අත්හිටුවමින් කොළඹ මහාධිකරණය නිකුත් කළ තහනම් නියෝගය ලබන 22 වැනි දා දක්වා දීර්ඝ කිරීමට විනිසුරු මහිලාල් වෛද්‍යතිලක මහතා නියෝග කර ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමකට අනුව මෙම තහනම් නියෝගය පනවා තිබේ. පෙත්සම අද (09) කැඳවූ අවස්ථාවේ මහාධිකරණ විනිසුරු මහිලාල් වෛද්‍යතිලක මහතා සඳහන් කළේ නඩු ගොනුව පරීක්ෂා කිරීමේදී  අදාළ අලි ඇතුන් මුදා හැරීමට පෙර විධිමත් පරීක්ෂණයක් පවත්වා ඇති ආකාරයක් පෙනී නොයන බවයි.

එබැවින් එක් එක් අලියෙකු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා තීරණයක් ගැනීමට පාර්ශවකරුවන් එකඟද යන්න දැනගැනීම අවශ්‍ය බව මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කර ඇත. ඒ අනුව පැමිණිල්ල ලබන 22 වනදා දක්වා කල් තැබූ මහාධිකරණ විනිසුරුවරයා එක් එක් අලියෙකු සම්බන්ධයෙන් තනි තනිව පරීක්ෂණ පැවැත්වීමට පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශව එකඟද යන්න අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad