ලේ වර්ගය මාරු වී හොරණ රෝහලේදී රෝගියා මරුට? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 9, 2016

ලේ වර්ගය මාරු වී හොරණ රෝහලේදී රෝගියා මරුට?

ලේ වර්ගය මාරු වී හොරණ රෝහලේදී රෝගියා මරුට?
හදිසි අනතුරක් හේතුවෙන් බුලත්සිංහල පදිංචි පුද්ගලයෙකු හොරණ මූලික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුලත් කිරීමෙන් පසු ඔහුට අවශ්‍යව තිබූ බී පොසිටිව් රුධිරය වෙනුවට ඒබී පොසිටිව් වර්ගයේ රුධිරය ලබාදී ඇතැයි ද පසුව කොළඹ ජාතික රෝහලට මාරු කළ යැවූ එම පුද්ගලයා එහිදී මරණයට පත් වී ඇතැයිද රෝහල් ආරංචි මාර්ග පවසයි.

මරණ පරීක්ෂණයේ දී විවෘත තීන්දුවක් දී ඇතත් ඥාතීන් පවසනුයේ ලබා දුන් රුධිරයේ වැරදීමක් නිසා රෝගියා මරණයට පත් වූ බවයි. හොරණ මූලික රෝහලේ අධ්‍යක්ෂ තමර කළුබෝවිල මහතා පවසන්නේ වැරදීමකින් රුධිරය මාරු වී දුන් බව හදිසි අනතුරු අංශයෙන් තමාට දැනුම් දුන් බවත් ඒ සම්බන්ධයෙන් ජාතික රුධිර පාරවිලයන ඒකකය හා හොරණ මූලික රෝහල එක්ව පරීක්ෂයක් පවත්වන බවත්ය.

මරණයට පත් පුද්ගලයාගේ ඥාතීන් තමාට කිසිදු පැමිණිල්ලක් කර නොමැති බවත් තමර කළුබෝවිල මහතා පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad