මිනිසුන් අතුරුදන් වුනොත් ලෝකයට කුමක් වේවි ද? විශ්මිත වීඩියෝව මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 9, 2016

මිනිසුන් අතුරුදන් වුනොත් ලෝකයට කුමක් වේවි ද? විශ්මිත වීඩියෝව මෙන්න (VIDEO)

අප ජීවත්වන ලෝකයෙන් එක්වරම මිනිස් සංහතිය අතුරුදන් වුවහොත් ලෝකයට කුමක් සිදුවේ දැයි ඔබ මොහොතකටවත් සිතා තිබේ ද?

එම ගැටළුවට වීඩියෝවක් හරහා පිළිතුරු දීමට විදෙස් වීඩියෝ නිර්මාණ ශිල්පීන් පිරිසක් සමත් වී ඇත.

විද්‍යාත්මකව මෙන්ම තර්කානුකූල ආකාරයෙන් සිතමින් නිර්මාණය කර ඇති මෙම වීඩියෝව සැබැවින්ම විශ්මය ජනක වූවකි. එම වීඩියෝවට අනුව මිනිසුන්ගෙන් තොර ලෝකය පවතින්නේ මේ ආකාරයෙනි. ලෝකයෙන් මිනිසුන් අතුරුදන් වූවායින් පැය කිහිපයකට පසු ලෝකයේ බොහෝ ප්‍රදේශවල විදුලිබලය විසන්ධි වීම සිදු වේ.

ඒ ෆොසිල ඉන්ධන දහනයෙන් ක්‍රියාත්මක කෙරෙන බලාගාර සඳහා මිනිසුන් අත්‍යාවශ්‍ය වන බැවිනි. මෙම විදුලි බිඳවැටීම හේතුවෙන් ලොව පවතින න්‍යශ්ටික විදුලි බලාගාර ද ආරක්ෂිත ක්‍රමෝපායක් ලෙස ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වන අතර ජල විදුලි බලාගාර පමණක් මාස කිහිපයක් ක්‍රියා කරනු ඇත.

මිනිසුන් අතුරුදන් වීමෙන් දින කිහිපයකට පසු ලොව පවතින උමං මාර්ග බොහොමයක් ජලයෙන් යටවන අතර දවස් 10කට පසු නිවෙස් තුළ සිර වී සිටින සුරතල් සතුන් ආහාර නොමැති හෙයින් මියයාමට පටන් ගනී. නිවෙස්වලින් පිටතට පැනගැනීමට හැකිවන සතුන්ගෙන් කුඩා වර්ගයේ සුනඛයින් විශාල සුනඛයන්ගේ ආහාර බවට පත් වේ.

එමෙන්ම මිලියන ගණනක කුකුළන් ගවයින් වැනි ගොවිපල සත්ත්වයින් මියයාමට පටන් ගනී. මිනිස් වර්ගයාගේ ඇවෑමෙන් මසකට පමණ පසු ලොව ඇති න්‍යශ්ටික බලාගාරවල සිසිලනය උදෙසා පැවැති ජලය වාශ්ප වී යාමෙන් එම බලාගාර දැවැන්ත විනාශයක් සිදු කරමින් පුපුරා යන අතර ඒවායින් නිකුත්වන විකිරණ හේතුවෙන් සතුන් විශාල ගණනක් පිලිකා වැනි තත්ත්වයන්ගෙන් මියයනු ඇත.

වසරකට පසු අහසේ සිට තරු වර්ශාවක් වැටෙන්නාක් මෙන් පොළව මතුපිට සිටින සතුන්ට දර්ශනය වීමට පටන් ගනී. ඒ වැටෙන තාරකා වෙන කිසිවක් නොව මිනිසුන් විසින් උඩුගුවනේ කක්ෂගත කළ චන්ද්‍රිකා යි. වසර විසිපහකට පසු මංමාවත් සියල්ල තණකොළ සහ ශාක වර්ග මගින් වැසීයනු ඇත.

එමෙන්ම ඉතිරි වූ සුනඛ වර්ග වෘකයින් හා මුහුම් වී බෝවී පෙර පැවැති නගර මත සැරිසරනු ඇත. මෙම කාලය වන විට ලොව පුරා වායුගෝලය බොහෝ සෙයින් පිරිසිදු වී පවතින අතර ඩුබායි සහ ලාස්වේගාස් වැනි නගර වැලිවලින් වැසී පවතියි.

වසර 300කට පසු අයිෆල් කුළුණ, විශාල පාලම් ආදී ලෝහමය ඉදිකිරීම් බිඳවැටීම ඇරඹේ. එමෙන්ම නිසි පරිදි අලුත්වැඩියා නොවීම හේතුවෙන් උස් ගොඩනැගිලි ද කඩා වැටීම ඇරඹේ. වසර 5000කට පසු සියළු නගර වනාන්තර බවට පත් වේ. එමෙන්ම වසර 10000කට පසුව මිනිස් වර්ගයා පිළිබඳ සාක්ෂි ලෙස ඉතිරිවන්නේ මිනිසුන් විසින් තැනූ ශෛලමය ප්‍රතිමා ආදී නිර්මාණ යි.

මිලියන 50ක් අවුරුදු ගත වූ පසු ඉතිරිවන්නේ ඒ වන විටත් නොදිරා ඇති ප්ලාස්ටික් දෑ සහ වීදුරු පමණි. තවත් වසර මිලියන 50ක් ගත වූ පසු එම ද්‍රව්‍යවත් ඉතිරි නොවන අතර තවත් වසර මිලියන 300කින් පමණ බුද්ධිමත් සත්ත්වයෙකු බිහිවුව හොත් ඊට වසර ගණනාවකට පෙර මිනිසුන් සිටි බවට කිසිදු සාක්ෂියක් එම සත්ත්වයින්ට දැක බලා ගැනීමට මිහිමත ඉතිරි නොවනු ඇත.

වීඩියෝව පහතින්...


No comments:

Post a Comment

Post Bottom Ad