'සේරුවාවිල හිමිගේ අපවත්වීම ඝාතනයක්' - සොයුරියකගෙන් චෝදනා (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

'සේරුවාවිල හිමිගේ අපවත්වීම ඝාතනයක්' - සොයුරියකගෙන් චෝදනා (VIDEO)

'සේරුවාවිල හිමිගේ අපවත්වීම ඝාතනයක්' - සොයුරියකගෙන් චෝදනා (VIDEO)
පසුගියදා අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී කල්‍යාණවංශ මහා නිකායේ අනුනායක පූජ්‍ය සේරුනුවර සරණකිත්ති හිමියන්ගේ අපවත්වීම ඝාතනයක් බවට උන්වහන්සේගේ සොහොයුරියක වන මල්ලිකා මුදන්නායක මහත්මිය චෝදනා කරයි.

ඇය මේ බව කියාසිටියේ ඊයේ (08) ත්‍රිකුණාමලයේ දී පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී අදහස් දැක්වූ මල්ලිකා මහත්මිය,” උන්වහන්සේ අපවත් වුණා කියන එක මම මේ අවස්ථාවේ දී ප්‍රකාශ කරන්නේ නෑ. මම කියන්නේ උන්වහන්සේ අපවත් කළා කියන එක. ඒකට හේතු සාධක තියෙනවා. මට දුරකතන ඇමතුම්වලින් ලබා දුන්නු පණිවිඩයක් තියෙනවා. “ යි පැවසීය.

මේ අතර ඊයේ සේරුවාවිල මංගල රජමහා විහාරයේ නව විහාරාධිපති හිමියන්ට එරෙහිව උද්ඝෝෂණයක් ද පවත්වා තිබේ. එම විහාරස්ථානයට අභිනවයෙන් පත් කෙරුණු කථිකාචාර්ය පූජ්‍ය පිංහේනේ මෙත්තාරාම හිමියන්ට විරෝධය දක්වමින් පැවති උද්ඝෝෂණය සඳහා හිමිවරුන් පිරිසක් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වී සිටියහ.

එම ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad