කඳවුර අවට ජලය බීමට සුදුසුයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

කඳවුර අවට ජලය බීමට සුදුසුයි

කඳවුර අවට ජලය බීමට සුදුසුයි
කොස්ගම, සාලාව හමුදා කඳවුර අවට පිහිටි පානීය ජලය ලබාගන්නා ළිං වලින් වැඩි ප්‍රමාණයක බීමට සුදුසු ජලය පවතින බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කරයි.

ඔවුන් කියාසිටින්නේ පිපිරීම හේතුවෙන් එම ජලයට කිසිදු අහිතකර රසායනිකයක් මුසුවී නොමැති බවයි. මේ වනවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ජල සම්පාදන මණ්ඩලයේ නිළධාරීන් ඇතුළු කණ්ඩායම් කිහිපයක් හමුදා කඳවුර අවට නල ළිං 200කට වැඩි පිරිසක් විසින් පරීක්ෂා කර බලා තිබේ.

කෙසේවුවත් ළිං කිහිපයක් සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීම ද සිදුකළ බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ ය. පිපිරීම සිදුවීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ අවි ගබඩාව පිපිරීම නිසා ඉන් පිටතට නිකුත් වූ රසායනික ද්‍රව්‍ය ළිං වල ඇති ජලයට මුසුවී ඇති බැවින් ඒවා පානය නොකරන ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad