ජනපති මැදුර නරඹන්න අතිවිශාල ජනතාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

ජනපති මැදුර නරඹන්න අතිවිශාල ජනතාවක්

ජනපති මැදුර නරඹන්න අතිවිශාල ජනතාවක් (PHOTOS)  
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත කොළඹ, කොටුව ජනාධිපති මන්දිරය ඉතිහාසයේ ප‍්‍රථම වරට පසුගිය 08වැනිදා ජනතාවට විවෘත කෙරුණු අතර එය නැරඹීමට පාසල් සිසුන් ඇතුළු ජනතාව විශාල පිරිසක් ඊයේ (09) දිනයේ පැමිණ සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

තමන්ට ලැබුණු විරල අවස්ථාව උපයෝගි කර ගනිමින් ජනාධිපති මන්දිරය දැක බලා ගැනීමට දිවයිනේ නන් දෙසින් දහස් සංඛ්‍යාත ජනතාවක් පැමිණ සිටිනු දක්නට ලැබුණු අතර රටේ ඓතිහාසික උරුමයක් වන ජනාධිපති මන්දිරය දැක බලා ගැනීමට සාමාන්‍ය ජනතාවට ද මෙවන් අවස්ථාවක් උදා කර දීම පිළිබඳ ඔවුන් ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පුද කර සිටියහ.

ආණ්ඩුකාරවරුන් විසිනව දෙනෙකු සහ ජනාධිපතිවරුන් හයදෙනෙකු තම රාජකාරී කටයුතු සහ වාසස්ථානය සඳහා යොදා ගත් නිල මැදුර වන ජනාධිපති මන්දිරයේ ඉතිහාසය යටත් විජිත සමය දක්වාම දිව යන්නකි.
එහි ඓතිහාසික වටිනාකම් පිළිබිඹු කෙරෙන ඡායාරූප මෙන්ම හිටපු ආණ්ඩුකාරවරුන්ගේ සහ ජනාධිපතිවරුන්ගේ ඡායාරූප ද මෙහි ප‍්‍රදර්ශනය කර තිබේ.

පසුගිය 08 වැනිදා සිට ජූනි 14 වනදා දක්වා ප.ව 2.00 සිට ප.ව 7.00 දක්වා ජනාධිපති මන්දිරය නැරඹීමට අවස්ථාව සලසා තිබෙන අතර 077- 3086366 හෝ 0714- 241802 දුරකථන අංක ඔස්සේ ඒ පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගත හැකිය.

No comments:

Post a Comment

Post Bottom Ad